×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළවූ පුවතට පොලීසියෙන් ප්‍රතිචාර  •  සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ - කාදිනල් හිමි  •  සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී  •  ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට  •  ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

Local  •  Published on: 2025-06-17 19:08:44

ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (17) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරට පැවසුවේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ තිබෙන බවය. එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.