×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

JVP ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙක්ට මීළඟ ආණ්ඩුවක් යටතේ නීතිය ඉදිරියට ගේනවා

Local  •  Published on: 2025-09-28 12:44:07

මීළඟ ආණ්ඩුවක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙක්ම නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමට නියමිතව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

“පක්ෂය ඉතාමත් ශක්තිමත්ව ගම් මට්ටමින් නැවතත් අපෙන් ඈත් වුණු ජනකොටස් ඒකරාශි කරමින් ඉස්සරහට යනවා.

මිනිස්සුන්ට නීති විරෝධි ආකාරයෙන් වත්කම් තිබුනොත් තමයි ඒකට ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැමෝම අපේ වත්කම් දීලා තියෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන් දීපු වත්කම් ප්‍රකාශවල තියෙනවා රටේ නීතියට පටහැනි වත්කම්. 

මේවා හොයන්න ඕනේ. ඉදිරි ආණ්ඩුවක් යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න මේ ඇමතිවරුන්ගේ කිහිපදෙනෙක්ම අනිවාර්යෙන්ම නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිතයි.”