බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද නිසා ලංකාවේ ආයෝජනයට අවිනිශ්චිතයි - අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව
Local • Published on: 2025-09-30 03:15:09
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් නිකුත් කළ 2025 වසරට අදාළව නිකුත් කළ ප්‍රකාශනයේ මේ බව සඳහන්ව තිබෙනවා.
අදාළ වර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවත් පෙනෙන්නට තිබුණ ද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාදලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්න ද ඔවුන්ගේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව අවිනිශ්චිත බවකින් පසුවන බවයි.
තවද මෙරට විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙරට ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන නියෝජිත ආයතනය වුවද ඔවුන් සමඟ ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී බව ඔවුන් එම ප්‍රකාශනයෙන් පෙන්වා දෙනවා.
අනවශ්‍ය නියාමනයෙන් නෛතික අවිනිශ්චිතභාවය සහ නිලධාරීන්ගේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාවයදක්නට ලැබෙන බවද එහි දැක්වෙනවා.
එම වාර්තාවේ සඳහන් කරන්නේ ඉන්දියාවේ අදානි සමාගම මෙරට උතුරු පළාතේ ඩොලර් මිලියන 400ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ අතර ඊට හේතුව ලෙස කළින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට වත්මන් රජය උත්සාහ දැරීම ලෙස සඳහන් කර ඇති බවයි.
තවද වත්මාන් රජයේ ඉහළ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පෞද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථිකය විවේචනය කරන අතර රාජ්‍ය අයිතිය සහිත සාමුහිකත්වය රටේ ප්‍රියතම ආයෝජන ආකෘතිය ලෙස ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කරන බවද මෙහි පෙන්වා දෙනවා.
2025 අයවැය මඟින් සේවා අපනයන සමාගම් සඳහා වූ බදු නිදහස් කිරීම් සහ විදේශ ආදායම් මුලාශ්‍ර සඳහා වූ බදු නිදහස් කිරීම් ඉවත් කිරීමට යෝජනා කිරීම කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සඳහා ලබාදී ඇති පුළුල් බදු නිදහස් කිරීම්වලට වඩා ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් බවද එහි සඳහන් තවත් කරුණක් ද වනවා.