×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Local  •  Published on: 2025-10-01 02:56:08

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

"ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" තේමාව යටතේ ලෝක ළමා දිනයත් "පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු" තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දින සමරනු ලබනවා.

දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා.

ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූණා.

ඊට අමතරව වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මක වනවා.