×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළවූ පුවතට පොලීසියෙන් ප්‍රතිචාර  •  සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ - කාදිනල් හිමි  •  සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී  •  ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට  •  ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

Local  •  Published on: 2025-06-19 16:13:36

අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසයි. අද දින සභාව පිහිටුවීම බස්නාහිර පළාත් නාගරික කොමසාරි යටතේ සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබුණද බේරුවල නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 4 දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය නොලැබීම නිසා සමගි ජන බලවේගයේ එම මන්ත්‍රීවරුන් 4දෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ එම ලිපි නිසියාකාරව ලබාදී දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙසය. බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු ඒ පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යට මේ බව පැවසීය. අද දින බේරුවල නගර සභා භූමියට පැමිණි ස්වාධීන අපේක්ෂක කණ්ඩායම හා සමග ජන බලවේගයේ කණ්ඩායම නගර සභා භූමියෙන් ඉවත්ව යන අයුරු දැකගන්නට ලැබුණු අතර අද දින සභා වාරය සහ සභාව පිහිටුවීම නොපැවැත්වෙන බව නාගරික කොමසාරිස්තුමියගේ අත්සනින් යුතුව ලේඛනයක්ද අලවා තිබෙන ආකාරය දැක ගන්නට ලැබුණා. බේරුවල නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී ආසන 7ක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආසන 6ක් දිනාගෙන ඇති අතර ජාතික ජන බලවේගය දිනාගෙන ඇත්තේ මන්ත්‍රී ආසන 3ක් පමණි.