×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මේ මසදී ලිට්‍රෝ සහ ලාෆ් ගෑස්වල මිලට වෙන දේ මෙන්න

Local  •  Published on: 2025-10-01 10:00:58

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම දැනුම් දී තිබෙනවා.

එම සමාගම පවසන්නේ මෙම මසට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිඳු සංශෝධනයක් නොවන බවයි.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසද නොවෙනස්ව වනු ඇති.

මේ අතර මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල නොවෙනස්වන වන බව එම සමාගම දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.