BYD රථ අවුල ගැන ජෝන් ක්ලීස් සමාගම ගත් අලුත්ම තීන්දුව
Local • Published on: 2025-10-01 11:25:06
BYD විද්‍යුත් වාහනවල (EVs) බලයලත් බෙදා හරින්නා වන John Keells CG Auto (JKCG) සමාගම රේගුව විසින් රඳවාගෙන ඇති EV රථ තොගය පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධ මතුවූ රේගු ගැටලුව දැනට අභියාචනාධිකරණය හමුවේ පවතිනවා.
සමාගම පවසන්නේ එම වාහන කඩිනමින් නිදහස් කර ගැනීමට උත්සහ දරමින් සිටින බවයි.
රඳවාගත් රථ මාදිලි ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන පරීක්ෂණාගාරයකදී පරික්ෂා කිරීමට තමන්ගේ සම්පුර්ණ සහයෝගය ලබාදීමට සුදානම් බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දිගින් දිගටම පවතින මෙම ප්‍රමාදය හේතුවෙන් 2025 සැප්තැම්බර් 11ට පෙර රථ වෙන්කරගත් පාරිභෝගිකයින්ට සමාගම විශේෂ විකල්ප තුනක් ලබාදී ඇති බවයි.
ඒ අනුව වට්ටම් සහිතව BYD SEALION 5 මාදිලියට මාරුවීම නැතිනම් මේ මස 10 වනදාට පෙර තහවුරු කළහොත් පොලිය සමඟ සම්පුර්ණ මුදල් ආපසු ලබා ගැනීම හෝ ගැටළුව විසඳන තෙක් මුදල් වෙන් කර තබා ගැනීම යන විකල්ප ඇතුළත්.
මෙම තත්ත්වය හමුවේ නව විද්‍යුත් වාහන ඇණවුම් සඳහා අත්තිකාරම් ගෙවීම් නොමැතිව කටයුතු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
JKCG සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ දැනටමත් සිටින සියලුම EV සහ PHEV පාරිභෝගිකයන් සඳහා වගකීම් සහ අලෙවියෙන් පසු සේවා නොකඩවා ලබා දෙන බව සහතික කරන බවයි.