මගේ තාත්තා බස් රථ රියදුරෙක් - කජ්ජාගේ පුත්‍රයා මාධ්‍ය හමුවේ කී කතාව
Local • Published on: 2025-10-01 15:12:00
අනුර විදානගමගේ නොහොත් කජ්ජා ලෙස හැඳින්වෙන තම පියා වසීම් තාජූඩීන් ඝාතනයට සම්බන්ධ යැයි පවසන්නේ තමන් සහ තම සහෝදරයා සහ සහෝදරිය හැරගිය මව බව මීගස්ආරේ කජ්ජාගේ පුතාවන ඉඳුවර විදානගමගේ පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
එම තරුණයා පේනවා දෙන්නේ අදාළ ක්‍රීඩකයාගේ ඝාතනයට තම පියා සම්බන්ධ බවට සැක කරන තම මව පියාගේ අංග චලනයන් හුවා දක්වමින් ඔහු තාජුඩීන් ඝාතනයට සම්බන්ධ කල්ලියේ අයෙක් යැයි හඳුනා ගැනීම විහිළුවට කාරණාවක් බවයි.
සිය පියා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බව කියන සිය මව පියාව ඝාතනය කිරීමට සැලසුම් කළ බවට පියාගේ ඥාතීන් සැක කරන බවත්, එම කාන්තාවගෙන් පියා ගැන විමසන්නට පෙර පියාගේ සහෝදර සහෝදරියන්ගෙන් ඒ ගැන නොවිමසන්නේ මන්දැයි බරපතල සැකයක් ඇතිවන බවත් ඔහු සිය සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එම සටහන පහතින්,
තාජුඩින් ඝාතනයට සම්බන්ධ බව පැතිරී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම
2012 වර්ෂයේ මැයි 17 වන දින ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක තාජුඩීන් මහතාගේ ඝාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ඝාතනයට ලක්වූ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා සම්බන්ධ බව ඊයේ දිනයේදී පොලිසිය විසින් නිවේදයක් නිකුත් කර ඇත.
පොලිසිය පවසන ආකරයට වසීම් තාජුඩීන් පසුපස හඹා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරූණ ප්‍රියන්ත බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදනය කර ඇත.
තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ෂණ මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපු බිරිය පිළිගෙන ඇත.
ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නේ තමන්ගේ සහොදරයාදැයි අසන්නේ නැත්තේ ඇයි ?
තමන්ගේ දරු තිදෙනා හා තාමගේ සැමියා හැර දමා වෙනත් පුද්ගලයෙකු සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ?
අරුණ ප්‍රියන්ත 2012 වර්ෂයේදී මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කළ වග ඔහුගේ සමීපතමයන් දන්නා කරුණකි. එහෙම තත්ත්වයක් තිබියේදී ඔහුගේ සහෝදර සහෝදිරියන්ගෙන් සාක්ෂි සටහන් කරගන්නෙ නැත්තේ ඇයි ?
තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශනවල සිටින බවට හඳුනා ගෙන ඇත්තේ අංග ලක්ෂණ මගිනි. ඔහු ඉනට අත තබා සිටින නිසා ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකි.
තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහ දරු දෙදනා ඝාතනය සඳහා ඔහූ හා ඔහුගේ දරූ තිදෙනා හැර ගිය බිරිය සහ ඔුහේ අනියම් පෙම්වතාද මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැති පුද්ගලයාගේ සහොදර සහොදරියන්ට ඇත.
එයට හෙතුව වී ඇත්තේ අරුණ ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් සිටි බිරිය හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බැකෝ සමන්ගේ ප්‍රධාන සමාජිකයෙක් බවටද සාක්ෂි තිබීමය.
තවද අරුණ ප්‍රියන්ත හා දරු තිදෙනා හැර දමා ගොස් අනියම පෙමවතා සමග ඩුබායි රාජ්‍යයට ගොස් අරුණ ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන සැක කරුවන බැකෝ සමන් සමග සිටිය බවට පැහැදිලි සාක්ෂි ද ඇත.
එම නිසා මාගේ පියාගේ ඝාතනයට සහ මාගේ සහොදරයා හා සහෝදරියගේ ඝාතනයට මගේ මව වන අමීශා බෙත්මීත් ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායකයන පුද්ගලයාත් සම්බන්ධ බවට පැහැදිලී සාක්ෂි ඇත.