×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට විද්වත් කමිටුවක්

Local  •  Published on: 2025-10-02 01:47:45

මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම කමිටුවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවැති බවයි.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළව මුලික සැලසුම් සකස් කිරීම සම්බන්ධව සාකච්ඡා වී තිබෙනවා.

මෙහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් පසුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

අදාළ සාකච්ඡාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජිව් අමරසූරිය ඇතුළු පිරිසක් එක්ව සිට තිබෙනවා.