×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

බෝක්කුවක් යටින් හමුවූ පොලිස් ගමන් මල්ලක KPI සලකුණු සහිත උණ්ඩ මල්ලක්

Local  •  Published on: 2025-10-03 01:44:42

තලෛයිමන්නාරම - මන්නාරම ප්‍රධාන මාර්ගයේ කට්ටකාරයන්කුඩිඉරිප්පුව ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී භාවිතයෙන් ඉවත් කරන ලද පොලිස් ගමන් මල්ලක KPI සලකුණු සහිත T56 උණ්ඩ සමඟින් තවත් උපකරණ කිහිපයක් හමුව තිබෙනවා.

මන්නාරම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 01 වනදා පස්වරුවේ මෙම උණ්ඩ සොයා ගත් බව සඳහන්.

එම ගමන් මල්ලේ තිබී මළ බැඳී ඇති පැරණි T56 උණ්ඩ 67ක් හමුවී ඇති අතර ඒ අතරින් උණ්ඩ 35ක් මත "KPI" ලෙස සඳහන් කර තිබී ඇති බවද වාර්තා වනවා.

මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ගමන් බෑගය පොලිස් නිලධාරියෙකු වෙත නිකුත් කරන ලද්දක් බවයි.

මෙම උණ්ඩවලට අමතරව පොලිසියට නිකුත් කර ඇති දුර්වර්ණ වූ පොලිස් ලාංඡනය සහිත ටී ෂර්ට් එකක්, බැජ් එකක් රහිත පී කැප් එකක් සහ ආයිත්තම් රහිත පිරිමි පොලිස් නිලධාරියෙකුගේ භාවිතයෙන් ඉවත් කරන ලද නිල කමිසයක් ද සොයා ගෙන තිබෙනවා.