×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කැසිනෝ ගහන්න ගිය මහනුවර පුද්ගලයෙක් දිවි තොර කරගනී

Local  •  Published on: 2025-10-03 02:34:07

අලුතින් ආරම්භ කළ සිටි ඔෆ් ඩ්‍රීම්ස් හි කැසිනෝ ක්‍රීඩා කිරීමට ගිය පුද්ගලයෙක් රුපියල් මිලියන ගණනක් පරාජයට පත්වීමෙන් පසුව සියදිවි නසා ගැනීමක් වාර්තා වනවා.

එම පුද්ගලයා එම කැසිනෝවටම අනුබද්ධිත නුවා හෝටලයේ හෝටල් කාමරයේ නානා කාමරයක් තුළ නාන කබායක ඉණ පටිය භාවිතා කර සියදිවි හානිකර ගෙන ඇති බව සඳහන්.

මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස සියදිවි හානිකර තිබෙනවා.

සියදිවි නසාගත් පුද්ගලයා විසින් ජෝන් කීල්ස් මෙල්කෝ හි කැසිනෝ ක්‍රීඩා මෙහෙයුමට දොස් පවරමින් සටහනක් තබා ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති මරණ පරීක්ෂණයේ හෙළිව ඇති බව වාර්තා වනවා.

මෙම කැසිනෝවට අවසර ලබාදීම පිළිබඳව පසුගිය කාලයේ විවිධ පාර්ශවලින් චෝදනා එල්ල වූණා.

එහිදී එම හෝටල් සංකීර්ණයේ බලධාරීන් පවසා සිටියේ කැසිනෝවේ ශ්‍රී ලාංකිකයින්ට කැසිනෝ ක්‍රීඩා කළ නොහැකි බවයි.

අදාළ කැසිනෝවේ පාරිභෝගික ඉලක්කය ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් බවට ඔවුන් මෙහිදී තර්ක කර තිබුණා.