×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනපති මුලිකත්වයෙන් ඇරඹේ

Local  •  Published on: 2025-09-15 08:47:16

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

මේ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

1964 වසරේ ඉදිවන මෙම බස් නැවතුම්පොළේ සිට මේ වන විට දෛනිකව බස් ගමන් වාර සංඛ්‍යාව 1500කට ගණනක් ක්‍රියාත්මක වනවා.

දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම් හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළෙහි ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මඟී නැවතුම්, රියදුරු කොන්දොස්තර විවේකාගාරය, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති මේ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.

මේ අනුව පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීමට සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා.

මෙහි සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙක් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගීතාවයෙන් සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතයි.