විදුලිබිල ඉහළ දමනවාද නැද්ද? අවසන් තීන්දු ලබන 15වනදා
Local • Published on: 2025-10-04 02:39:54
විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණය මේ මස තුන්වන සතියේ දී නිවේදනය කිරීමට නියමිතයි.
මහජන උපයෝගීතා කොමිෂන් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙම මස 15 වනදා නිවේදනය කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවයි.
එම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් එහි අවසන් සැසිය වන බස්නාහිර පළාත් රැස්වීම මෙම මස 8 වනදා පැවැත්වීමෙන් පසුව ගාස්තු සංශෝධනය සම්බන්ධව අවසන් තීරණය ගන්නා බවත් ඔහු මෙහිදී පැවසුවා.
මෙම ගාස්තු සංශෝධනයේ දී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සුත්‍රයට අනුව කටයුතු කිරීමට නියමිතයි.
විදුලිබල මණ්ඩලය අවසන් වශයෙන් කළ යෝජනාවේ වියදම් ඇස්තමේන්තු කිහිපයක් සම්බන්ධව මෙහිදී දැඩි අවධානයක් යොමු වනවා.
මහජන උපයෝගීතා කොමිසම එම යෝජනාව කරුණු කිහිපයක් යටතේ මේ වන විට අධ්‍යනය කරමින් සිටිනවා.
ඒ අනුව විදුලි ජනන වියදම
ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ වියදම
බෙදාහැරීමේ වියදම
ණය ගෙවීමට විදුලි ගාස්තුවලින් අරමුදල් සපයාගැනීම
ඉන්ධන බලාගාරවලින් විදුලි වැඩිවශයෙන් මිලදීගැනීමට
පැරණි ණය ගෙවීමට විදුලි ගාස්තුව ඉහළ දැමීම
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසුරිය මහතා මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර යෝජනාවලියෙන් මේ මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා බව සඳහන් කරමින් මෙලෙස ගාස්තු වැඩි වීමක් ඉල්ලා තිබෙනවා.
2025 වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් මිලියන 17694ක් හෙවත් රුපියල් කෝටි 1,769 ක පමණ හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර එය පියවාගැනීමට සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය බව පවසමින් ඇස්තමේන්තු ගත කර ඇති බව සඳහන්.