ජනාධිපති වැය ශීර්ෂය ගැන කරන සංසන්දනය තාක්ෂණිකවම සම්පූර්ණයෙන් වැරදි - නියෝජ්‍ය මුදල් ඇමති
Local • Published on: 2025-10-04 13:02:24
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 වසරට සාපේක්ෂව 3 ගුණයක වැඩි වීමක් සිදුව ඇති බවට සිදුකරන ප්‍රකාශය මුළුමනින්ම තාක්ෂණික වශයෙන් වැරදි සහගත නොමඟ යවන සුළු ප්‍රවෘත්තියක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“ඒ සංසන්දනය කිරීම ඉතාම වැරදියි. ඔවුන් කියනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 ට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි කරලා කියලා. ඒ මිලියන 2900 කියන්නේ 2025 වර්ෂයේ දි අය වැය යෝජනාවලින් ඇතුළත් වෙන්න ඕන සංඛ්‍යා නැතිව. ඒක තමයි කෙටුම්පත ලෙස අපි ඉදිරිපත් කරන්නේ.
ඊට පස්සෙ අප ඇතුළත් කරනවා අයිතම දෙකක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදුකරන. එකක් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට වෙන් කරන මිලියන 5050කුත්. පර්යේෂණ සඳහා වෙන් වෙච්චි රුපියල් මිලියන 1000කුත් සමග. ඒ අනුව 2025 වසරේ නිවැරදි වෙන් කිරීම බවට පත් වන්නේ රුපියල් මිලියන 9000ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 09ක්.
ඔවුන් සංසන්දනය සඳහා මුලින්ම ඉදිරිපත් කරනවා 2026ට රුපියල් බිලියන 11.37ක් කියලා. මේ මුදල ඇතුළෙ ඇතුළත් වෙනවා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘත්යට යන මුදලත්. මේ පර්යේෂණ සඳහා යන මුදලත්.
ඒ නිසා පළමුවෙන්ම සංසන්දනයට යොදා ගන්නා දෙය තාක්ෂණිකවම වැරදියි. මේ වැරැද්ද නිසා තමයි නොමග යන ප්‍රවෘත්තිය හදලා තිබෙන්නේ.”