×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

චන්ද්‍රිකා බංගලාවෙන් යන්නම යයි - මෛත්‍රී යන්න තව ටික කලක් ඉල්ලයි

Local  •  Published on: 2025-10-04 14:33:27

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරි සති ඇතුළත දී කොළඹ රජයේ බංගලාවෙන් ඉවත් වී නගරයේම කුලී නිවසක පදිංචියට යාමට නියමිතව ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරියගේ ලේකම්වරයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ඇය මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් ඒ කටයුතු ප්‍රමාද වුණු බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර අනෙක් සියලුම පහසුකම් අහිමි වී ගියා.

තවද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ විශ්‍රාම වැටුප ඇතුළු අනෙක් සියලු පහසුකම් ද මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව අහිමිවී ගොස් තිබුණා.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කැප්පිටිපොළ මාවතේ නිවසින් ඉවත්වීමට නොවැම්බර් මස පළමු වනදා දක්වා කාලය ඉල්ලා ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයා මේ වන විට සියලුම වාහන රජයට දැනටමත් බාරදී ඇති බව සඳහන්.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  බත්තරමුල්ලේ නිවසක පදිංචියට යෑමට නියමිත බවයි.