×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

Sports  •  Published on: 2025-10-05 02:30:53

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙකු දෙදෙනෙක් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

ඒ අනුව නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත්කර තිබෙනවා.

ඔහුගේ මෙම මස 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

තවද දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රෙනේ ෆර්ඩිනන්ඩ්ස් පත් කර තිබෙනවා.

ඔහුගේ ධුර කාලය පසුගිය සැප්තැම්බර් 30 වනදා සිට වසර 2ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.