සම්පත් මනම්පේරි මගේ ලේකම්වරයෙක් නෙමේ - උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජොන්ස්ටන් ප්‍රනාන්දු
Local • Published on: 2025-10-05 03:44:04
සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඊයේ (04) කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔහු කියා සිටියේ මෙවැනි බොරු ප්‍රකාශ කරමින් පහර දෙන කණ්ඩායමට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවයි.
“දැන් කියනවා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මනම්පේරි කියන පුද්ගලයා කියලා. මතක තියා ගන්න. මම සම්බන්ධීකරණ ලෙකම්වරු පත් කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි කියන එක මම තමුන්නාසේලාට මතක් කරන්න කැමතියි.
මේ බලන්නේ කොහෙන් හරි පහර දෙන්න. අපට තවම නීතිය පිලිබඳ දැඩි විශ්වාසයක් තියනවා. ඒ නිසා නීති මගින් ගන්න පුලුවන් උපරිමයෙන් අපි හැම අවස්ථාවකදිම කටයුතු කරනවා."