×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සැප්තැම්බරයේ සංචාරක පැමිණීම් තවත් ඉහළට

Local  •  Published on: 2025-10-05 12:59:15

සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 158971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙය 2024 වසරේ අගෝස්තු මසදී පැමිණි ගණනට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක මේ බව සඳහන් වනවා.

අගෝස්තු මසදී ඉන්දියාවෙන් සංචාරකයින් 49697ක් පැමිණි ඇති අතර එය 31.3%කි.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් 10527ක්, ජර්මනියෙන් 9344ක්, චීනයෙන් 10527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5144ක් ද අගෝස්තු මසදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මේ අනුව 2025 වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීම් ගණන 1725494කි.

ඒ අතරින් සංචාරකයින් 375,292ක් ඉන්දියාවෙන්, 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.