×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

2024 දී ලංකාව ගැන භය හිතෙන වාර්තාවක් එළියට

Local  •  Published on: 2025-10-06 06:29:38

2020 වසරේ සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් ගණන 80945කින් අඩු වී ඇති බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවෙන් සඳහන් කළේ 2024 වසරේ වැඩිම උපත් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

අවම උපත් ගණන 846ක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සඳහන්.

2020 වසරේ උපත් ගණන 301706ක් වන පසුගිය වසරේ උපත් ගණන 220761කි.

2021 වසරේ උපත් 284848ක් ද 2022 වසරේ 275321ක්ද 2023 වසරේ 247900ක් ද ලෙස උපත් ගණන වාර්තා වී තිබුණා.

රෙජිසටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ ගණන සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා.

මේ අනුව 2020 වසරේ මරණ ගණන 132371ක්ද 2021 වසරේ මරණ 163,936 ක්ද, 2022 වසරේ මරණ 179,792 ක්ද, 2023 වසරේ මරණ 181,239 ක්ද, 2024 වසරේ මරණ 171,194 ක්ද වාර්තා වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ පුද්ගලයන් විවාහ වීමේ ගණන 12066කින් අඩු වී ඇති බව වාර්තා වනවා.