×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Local  •  Published on: 2025-10-07 02:44:15

ඔක්තෝබර් මස සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද (07) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බවයි.

අද (07) දිනවල ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පරිපූරක ඇස්තමේන්තුව හෙට (08) විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.

බ්‍රහස්පතින්දා දිනයේ දී විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර සිකුරාදා දිනයේ දි පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8ක් විවාදයට ගැනීමට නියමිත බවද සඳහන්.