×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

අග්‍රාමාත්‍ය හරිනි සහ ඉන්දීය අගමැති මෝදි එකම වේදිකාවක

Local  •  Published on: 2025-10-07 06:29:49

අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මේ මසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සමුළුව ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නවදිල්ලියේ දී පැවැත්වීමට නියමිතයි.

2025 NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයකට වර්ථමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී නියමිත බව වාර්තා වනවා.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ හරිනි අමරසුරිය සහ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන එක්සත් රාජධානියේ රිෂි සුනක් සහ ඔස්ට්‍රේලියාවේ ටෝනි ඇබට් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතව තිබෙනවා.