×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

TikTok හිමිකාරීත්වය ගැන අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක්

Foreign  •  Published on: 2025-09-16 02:49:25

TikTok අමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරීත්වය පිළිබඳව වොෂිංටනය චීනය සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කරන්නේ එම ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වන විටත් සකස් කර ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ලබන සිකුරාදා පැවැත්වෙන හමුවේ දී ඒ පිළිබඳව අවසන් එකඟතාවය සිදුවනු ඇති බව සඳහන්.

TikTok චීන හිමිකාරිත්වය පිළිබඳව පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා මෙම එකඟතාව ඇති කර ගැනීමට නියමිතව තිබෙනවා.