×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

Local  •  Published on: 2025-10-07 14:22:59

2011 වසරේ දී තංගල්ල කටුවන ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ ජුලම්පිටිය අමරේ නැමැත්තාට තංගල්ල මහාධිකරණය නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තහවුරු කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස මරණ දඬුවම තහවුරු කරනු ලැබුවේ ජී.ජී අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නැමැත්තා ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමෙනි.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුවා.

ජී. ජී. අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නැමැත්තා ගොනුකර තිබූ විශේෂ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර තිබුණා.

තංගල්ල කටුවන ප්‍රදේශයේ 2011 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදි එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල කරන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

නඩු විභාගයෙන් අනතුරුව 2024 නොවැම්බර් 20 වනදා චෝදනාවන්ට විත්තිකාර ජුලම්පිටියේ අමරේ නැමැත්තා වරදකරු කරමින් ඔහුට මරණ දඬුවම පනවනු ලැබුවා.

තංගල්ල මහාධිකරණයේ තීන්දුවෙන් තමාට අගතියට පත්වී ඇතැයි සඳහන් කරමින් ජුලම්පිටිය අමරේ නැමැත්තා ඊට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළා.

එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව ජුලම්පිටිය අමරේ නැමැත්තා විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

විශේෂ අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.