×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

දේශපාලකයන්ට කඩේ ගියහම වෙන දේ ගැන අධ්‍යයනය කරන්න - නාමල්ගෙන් පොලිස්පතිට අවවාදයක්

Local  •  Published on: 2025-10-09 01:54:19

දේශපාලකයින්ට කඩේ ගියාම වන දේ ගැන හොඳින් වත්මන් පොලිස්පතිවරයාට අධ්‍යයනය කරන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්.

"පාරට කාපට් කන්නද කියලා එදා ඔබලා විපක්ෂයේ ඉද්දී ඇහුවා. එහෙම ඉතිහාසයක් තියෙන උදවිය අද පාරවල් හදන්න මහන්සි වෙනවා. ඒක හොඳයි.

ඔබේ ආණ්ඩුවේ ප්‍රගතිය ගැන අපි කාටත් ප්‍රශ්නයක් තියෙනවා.එක් එක් අමාත්‍යංශ වලින්  ලැබූ ප්‍රගතිය මොනවාද? පහුගිය අය වැයේ වෙන් කළ මුදලින් කොපමණ ආයෝජන කර තිබෙනවාද? ඒ ගැන ජනතාවට දැනුම් දෙන්න.දීපු මුදල් වියදම් කරලද? නැද්ද? කියන සාකච්ඡාවක් අද තියෙනවා.

මීළඟ මාස හතරේ යම් සංවර්ධන වැඩපිළිවෙළක් ඉටු කරනු ඇතැයි අප හිතනවා. දැන් පහුගිය අවුරුදු වලට බැන බැන කාලේ නාස්ති කරන්න එපා .මේ යන්නේ දෙවැනි අවුරුද්ද .පසුගිය කාලයේ පොලිසිය දේශපාලනීකරණය කිරීම ගැන කතා කළා. අද පොලිස් කොමිසමේ ස්වාධීන බව නැති කරලා.

පොලිස්පතිට බලය ගන්න හදනවා. ඒකෙන් අපේක්ෂා කරන්න හදන්නේ මොකක්ද? ජනතාවට සේවය කරන්නද? හොරු අල්ලනද? දැන් පහුගිය කාලේ සත්තු වත්තෙන් සත්තු තිස් දෙන්නෙක් හොරකම් කරගෙන ගිහිල්ලා. පොලිස් කොමිසමට ඒ මාරුවීම් ලබාදෙන්න ඉඩ දෙන්න.ඒකට දේශපාලන මැදිහත්වීම් කරන්නේ ඇයි?"