×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායකයෙක් රිය අනතුරකින් මරුට

Foreign  •  Published on: 2025-10-09 02:09:06

රිය අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබ් ගායක රාජ්වීර් ජවන්දාගේ මියගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් මාරාන්තික තුවාල ලබා දින 11කට පසු ඊයේ (08) ජවන්දා මෙලෙස මිය ගොස් ඇති බවයි.

35 හැවිරිදි රාජ්විර් ජවන්දා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එකවරම මාර්ගයට පැමිණි ගවයන් රෑනක් සමඟ ගැටීමෙන් යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

ඔහුගේ හදිසි මරණය සම්බන්ධයෙන් රසිකයන් දැඩි ලෙස කම්පාවට පත්ව ඇති බව සඳහන්.

පන්ජාබයේ තරුණයින් අතර විශේෂයෙන් ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබුණා.

රාජ්වීර් ජවන්දාගේ යූ ටියුබ් නාලිකාවට පරිශීලකයන් 900,000 කට වඩා සිටින අතර ඔහුගේ සංගීත වීඩියෝ නැරඹුම් වාර මිලියන ගණනක් නරඹා ඇති අතර ජවාන්ඩා පන්ජාබි චිත්‍රපට කිහිපයක ද රඟපා තිබෙනවා.