×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කොළඹ කාසල් වීදියේ ශුක්‍රාණු බැංකුවෙන් කාන්තාවන් 10 දෙනෙක් ගැබ් ගනී

Local  •  Published on: 2025-10-09 02:47:35

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අලුතින් ස්ථාපිත කළ ශුක්‍රාණු බැංකුව හරහා මේ වන විට කාන්තාවන් 10 දෙනෙක් සාර්ථකව ගැබ්ගෙන ඇති බව වාර්තා වනවා.

එම රෝහලේ අධ්‍යක්ෂ අජිත් කුමාර දන්තනාරායන මහතා කියා සිටියේ දායකයන්ගේ රෝග කිහිපයක් සඳහා වන විධිමත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ශුක්‍රාණු බැංකුව තුළ තැන්පත් කිරීම සිදුවන බවයි.

මෙම ශුක්‍රාණු බැංකුව ස්ථාපිත කර මේ වන විට මාස 6ක පමණ කාලයක් ගත වනවා.

ඉන්පසුව නැවතත් අදාළ පරීක්ෂණ සඳහා පියවරුන් කැඳවා එම පරීක්ෂණ හරහා ද නිරෝගී බව තහවුරු කර ගැනීමෙන් පසුව ශුක්‍රාණු තැන්පත් කිරීම සඳහා සුදානම් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

අධ්‍යක්ෂකවරයා පවසන්නේ කෙසේ වෙතත් මෙම කාලය තුළ ශුක්‍රාණු තැන්පත් කර තැබීම සඳහා ලික්විඩ් නයිට්‍රජන් අවශ්‍ය වන බවත් ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුව ඇති බවත්ය.

තවද එම ශුක්‍රාණු පරිත්‍යාග කරන පියවරුන් නැවතත් මාස 3ට පසු පරික්ෂාවට පැමිණීමේ යම් දුර්වලතාවයක් පවතින අතර එය කඩිනමින් වළක්වා ගත යුතු බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.