×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

අග්‍රාමාත්‍ය හරිනි චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයකට සුදානමක්

Local  •  Published on: 2025-10-09 15:29:35

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ලබන 13 වනදා චීනයේ සංචාරයක නිරත වීමට සුදානමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (09) පාර්ලිමේන්තුවේ සභාවාරය අමතමින්.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවද වාර්තා වනවා.

අග්‍රාමාත්‍යවරිය චීනයේ ප්‍රධාන දේශපාලනඥයින් කිහිපදෙනෙක් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා සිදු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

එම චීන සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ ද නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙම නිල සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණ ගැසීමට සුදානම් බවත් ඒ හරහා රටට ඵලදායි දේවල් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,
''චීනයේ ගමනත් එක්ක අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා අපි ගොඩක් දේවල් ලබා ගත්තා මේ 2025 අවුරුද්දට මුලු ලංකාවෙම දුවා දරුවන්ට පාසල් නිල ඇඳුම නොමිලේ අපිට චීනයෙන් ලබා දෙන්නේ 2026 අවුරුද්දටත් දෙනවා. අපි ලෝකයේ විවිධ රටවල් සමග දවසින් දවස රාජ තාන්ත්‍රික සබදතා ශක්තිමත් කරන් යනවා.. මේ කෙටි කාලය තුළ අපි ලබා ගත්ත ජයග්‍රාහණ විශාල ප්‍රමාණයක් තියෙනවා''