×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති හදන්න කමිටුවක්

Local  •  Published on: 2025-09-16 10:54:38

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක බලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වත්මන් මැතිවරණ පහක් යටතේ විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැති නිසා ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි අයුරින් නීතිමය ක්‍රමෝපායන් සකස් වී තිබීම සම්බන්ධව රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

මේ අනුව විදේශගත පුරවැසියන්ගේ ඡන්දය යිතිය ආරක්ෂා කරදීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංඩල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟත්වය හිමිව තිබෙනවා.