×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

අධිවේගයේ බස් අද සිට පරීක්ෂා කිරීම් ඇරඹේ

Local  •  Published on: 2025-10-10 03:29:09

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ අද (10) සිට පූර්ව කාර්මික පරික්ෂාවට ලක්කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) අරුණ බතීගම මහතා කියා සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් අද (10) සිට මෙම පරීක්ෂාවන් සිදුකරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

ගැරඬිඇල්ල හා ඇල්ල බස් අනතුරුවලින් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථ පිළිබඳව නිර්දේශ හා නියෝග මාලාවක් යෝජනාවක් වුණා.

එහි ප්‍රධානම යෝජනාවක් වූයේ දුර ගමන් සේවා බස් රථ ධාවනයට පෙර එහි යාන්ත්‍රික තත්ත්වයන් සම්බන්ධ පරික්ෂාකර සහතිකයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වනවා.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගමනාන්ත 09ක් සඳහා දෛනිකව බස් ගමන් වාර 135ක් ක්‍රියාත්මක වන අතර එම බස් රථ ධාවනයට පෙර පරික්ෂා කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වනවා.

මීට අදාළ වැඩසටහන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නාලක දිසානායක මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන ආරම්භ කිරීමට නියමිතයි.