×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

සුවසැරිය විනාශ කරන්න එපා - හර්ෂ ද සිල්වා

Local  •  Published on: 2025-10-10 09:16:23

සුව සැරිය ගිලන් රථ සේවාවේ නම ලාංඡනය මෙන්ම වර්ණය වෙනස් කිරීමට වත්මන් රජය සුදානමින් පවසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.

''2018 අංක 18 දරණ දහනමයයි අනූවයි සුවසැරිය පනත, මේ පනත මම ඉදිරිපත් කලේ 2018 ජූනි මාසේ 1 වැනිදා. මම කියනවා මෙම පනත් කෙටුම්පතේ පරමාර්ථය තමයි දහනමයයි අනූව කියන සුවසැරිය පදනමක් නිර්මාණය කරලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඕනම තැනැත්තෙක්ව පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් හදිසියේ නොමිලේ සපයන්න කියලා. ඒකට නිශ්චිත පරමාර්ථයක් තියෙනවා. නිශ්චිත පරමාර්ථය මේ පනතේ පැහැදිලිව කියලා තියෙනවා පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් කියලා. මේකට ලෝගෝ එකක් තියෙනවා. අද වෙනකොට ඕනම කෙනෙක් කරදරයක් උනහම සුවසැරිය ගිලන් රථ සේවාවට කතා කරනවා. අද රටේ වැඩිපුරම ආදරේ කරන සේවාව සුව සැරිය. ලොකු ගරුත්වයක් තියෙනවා ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් කනගාටුවෙන් කියන්න කැමතියි ඒකට දැනුම් දීමක් කරලා තියෙනවා මේක වෙනස් කරන්න කියලා.සුවසැරිය කියන එක අයින් කරන්න කියලා . දහනමයයි අනූවෙන් සුවසැරිය කියන එක අයින් කරන්න කියලා කියනවා. ඊට පස්සේ පාට වෙනස් කරන්න කියලා තියෙනවා. ඇයි මෙහෙම කරන්නේ. පාට දාන්න කියනවා. අපි මේක ගෙනාවේ යම් වැඩකට. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් මේක. හදිසි ගිලන් රථ සේවාවක් නෙමෙයි මේක. මම ඉතාමත් ඕනකමෙන් ඉල්ලනවා මේක විනාස කරන්න එපා.''