×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

ට්‍රම්ප්ගෙන් චීනයෙන් 100%ක අමතර බද්දක්

Foreign  •  Published on: 2025-10-11 14:31:57

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක අමතර තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව විවේචනාත්මක මෘදුකාංග' (critical software) සඳහා අපනයන පාලනයන් පැනවීමටත් ද ඔහු තීන්දු කර ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව තීරු බදු සහ පාලනයන් 2025 නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ට්‍රම්ප් මෙම තීන්දු ගනු ලැබුවේ චීනය විසින් දුර්ලභ පාංශු ඛනිජ අපනයනය සඳහා නව පාලනයන් පැනවීමෙන් පැය කිහිපයකට පසුවයි.

චීනය මෙම ඛනිජවල ගෝලීය සැපයුමෙන් 70%ක පමණ සපයනු ලබන අතර මෝටර් රථ, ආරක්ෂක අංශ සහ අර්ධ සන්නායක වැනි ඉහළ තාක්ෂණික කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය වනවා.

කෙසේ වෙතත් චීනයේ වාණිජ අමාත්‍යාංශය නිවේදනය කළේ දෙසැම්බර් 1 වනදා සිට එම රටෙන් ලැබෙන දුර්ලභ පාංශු ඛනිජවලින් 0.1%ක වඩා අඩංගු නිෂ්පාදන අපනයනය කිරීමට විදේශීය ආයතන බලපත්‍රයක් ලබාගත යුතු බවයි.

චීනයෙන් ආනයනය කරන සෑම භාණ්ඩයක්ම පාහේ දැනටමත් අධික තීරු බදුවලට යටත් වන අතර වානේ සහ ඇලුමිනියම් සඳහන් 50% සිට පාරිභෝගික භාණ්ඩ සඳහා 7.5% දක්වා නිශ්චිත බදු මට්ටම් පැවතිය ද චීන ආනයන සඳහා වත්මන් 'ඵලදායී' තීරුබදු අනුපාතය සියයට 40ක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

නව 100% අමතර තීරු බද්ද සමඟින් සමස්ථ තීරු බදු මට්ටම් ඉතා ඉහළ අගයක් ගනු ඇති.

මෙය ගෝලීය වෙළඳාමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි වෙළෙඳ විශ්ලේෂකයෝ සඳහන් කරන්නේ.