×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

පොලිස්පතිවරයා චීනයේ සංචාරයක

Local  •  Published on: 2025-09-16 11:20:34

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගී වීමට පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ දී ඒ මහතා චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සමුළුවේ දී පොලිස්පතිවරයා දේශනයක් පැවැත්වීමට නියමිත බවද සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ සංචාරවය නිමකරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි.

මේ අනුව පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබෙනවා.