×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

අගමැති හරිනි චීනයේ නිල සංචාරය අරඹයි

Local  •  Published on: 2025-10-12 02:57:23

චීනයේ බිජීං හි පැවැත්වෙන "කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025" සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ඊයේ (11) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර අද (12) සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් චීන රජය සහ බිජීං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන "එක්  අනාගතයක්: කාන්තාවන් සඳහා  නව සහ වේගවත් සංවර්ධනයක්" යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිලිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගීවීමට නියමිත බවයි වාර්තා වන්නේ.