×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සජබ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉල්ලා අස්වීමේ සුදානමක්

Local  •  Published on: 2025-10-12 03:56:02

සමඟි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (11) මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාප තිරසර සංවර්ධන විද්‍යා පීඨය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයට තරඟ කරනු සමඟි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් වන බවද ඔහු මෙහිදී කියා සිටියා.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයේ සිටින මොහොතක මෙවැනි කැප කිරීම් සිදුකිරීමේ අවස්ථාද දුර්ලභ බවයි.

"කැප කිරීම් කරලා, පරිත්‍යාග කරලා කුමක් උදෙසාද පළාත් සභාව ජයග්‍රහණය කරන්න. පක්ෂය ජයග්‍රහණය කරන්න. විපක්ෂයේ සිටින මොහොතක ඒ වගේ මහා පරිත්‍යාගයන් සිදුවන අවස්ථා බොහොම දුර්ලභයි. ඒ පරිත්‍යාගයන් කරන්නේ නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ ආණ්ඩුව පිහිටුවන්න."