×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කරයි

Local  •  Published on: 2025-10-13 10:15:46

කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචනා මහාධිකරණයක් ස්ථාපිත කර තිබෙනවා.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කළේ අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණය ස්ථාපිත කර ඇති බවයි.

මෙහි කටයුතු අද (13) සිට ආරම්භ වන අතර එහි මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුවරයා විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ  මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර යන මහත්වරුන් පත් කර තිබෙනවා.