×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට විශේෂ ශක්‍යතා අධ්‍යයනයක්

Local  •  Published on: 2025-09-16 11:38:14

කොළඹ ලෝටස් හරස් පිවිසුම් සහ අවට ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීම පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ලෝටස් වටරවුම ආශ්‍රිත ප්‍රදේශය විශේෂයෙන්ම කාර්ය බහුල වේලාවන් හිදී අධික රථවාහන තදබදයක් වන ස්ථානයක් බවට පත්වී ඇත.

කොළඹ වරාය නගරය සහ වරාය පිවිසුම් ගුවන් මාර්ගය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක තත්ත්වයට පත් වීමත්, කොළඹ නගරය තුළ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන සංවර්ධන කටයුතු නිම කිරීමත් සමඟ මෙම ගැටළුව තවදුරටත් උග්‍රවිමේ අවධානමක් හඳුනාගෙන ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ බෑවුම් සහ සමුද්‍රාසන්න මාර්ගයේ දීර්ඝ කිරීම් ද ඇතුළුව, යා කෙරෙන ප්‍රධාන කොරිඩෝ සමඟ සබඳතාව වැඩිදියුණු කිරීම සහ ලෝටස් වටරවුම ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා තිරසර විසඳුම් සැකසීම පිණිස සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.