×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

Local  •  Published on: 2025-10-14 02:37:19

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි සහ 'කෙහෙල්බද්දර පද්මේ'ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් සිව් දෙනෙක් නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණය වූ කරුණු මත රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රහසිගත මෙහෙයුමක් පසුගියදා ආරම්භ කෙරුණා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකර ඇත්තේ ජාත්‍යන්තර පොලීසියේ ද සහයෝගය මතයි.