×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද දිවයිනට

Local  •  Published on: 2025-10-15 04:03:47

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අද (15) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව බව වාර්තා වනවා.

නේපාල ආරක්ෂක අංශ සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී ඇය නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝමීටර් 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලීසිය පැවසුවේ ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් අතර දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගේ සමීපතමයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් "ගණේමුල්ල සංජීව" පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශවය විසින් අදාළ ඝාතනය සිදුකර තිබුණා.

ඝාතනය සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේ දී විශේෂ කාරක බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් අතර පසුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි CCTV කැමරා පරීක්ෂා කළ අතර එහිදී හෙළි වුණේ කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බවයි.

එම කාන්තාව නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය රැගෙන විත් ඇති බවට මෙහිදී හෙළි වුණා.

මේ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, ඇය මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි නම් කාන්තාවක් බවයි.