×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නීතීඥ වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

Local  •  Published on: 2025-10-15 06:12:04

තමා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස්පතිවරයා ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව පොලීසිය තමන්ව අනීතිකව ලෙස අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මේ අනුව තමාව අත්අඩංගුවට ගැනීම වැලැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.