×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

හිටපු ඇමති මනුෂට ඇප

Local  •  Published on: 2025-10-15 15:44:04

ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේ දී සිදුවී ඇති අක්‍රමිකතාවක් පිළිබඳව වූ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ඇප හිමිව තිබෙනවා.

පසුගිය රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේ දී සිදුවී ඇති අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරුවේ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම නියෝගය ලබා දුන්නේ හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මේ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 4 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවද නියම කළා.

එසේම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

ඇප නියෝගය ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඊයේ (14) මෙම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

ඉන්පසුව ඔහු ස්වේච්ඡාවෙන්ම අද (15) අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශ ලබාදී ඇති බවද මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ මෙවැනි වාතාවරණයක් තුළ මෙම සැකකරු අධිකරණය මඟ හැර යාමට පවතින ප්‍රවණතාව අවම මට්ටමක පවතින බවයි.

මේ අනුව පැමිණිල්ල සහ විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු විශේලේෂණය කරමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවද කියා සිටියා.

ඉන්පසුව අදාළ පැමිණිල්ල දෙසැම්බර් මස 10 වනදා නැවත කැඳවීමට දින නියම වුණා.