×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හරී

Local  •  Published on: 2025-10-15 16:35:20

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීම පිළිබඳව ඔහුට එරෙහිව තිබූ නීති කෘත්‍ය අද (15) පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටින ගුණරත්න වන්නිනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසුරිය මහතා සමඟ අද (15) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම නිතී කෘත්‍ය කැඳවනු ලැබුවා.