×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දියාව සහතික වුණා - ඩොනල්ඩ් ට්‍රම්ප්

Local  •  Published on: 2025-10-16 04:33:42

ඉන්දියාව තවදුරටත් රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ට සහතික වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් අමතමින්.

රුසියාවේ බලශක්ති ආදායම කපා හැරීම සඳහා වොෂින්ටනය ගෙන යන ප්‍රයත්නයන් තීව්‍ර කරමින් ඉන්දියාව රුසියානු බොරතෙල් මිලදී ගැනීම ගැන තමන් සතුටු නොවූ බවත් එය නවත්වන බවට මෝදි සහතික වූ බවත් ඔහු මෙහිදී පවසා සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ඉන්දියාව තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.