මාධවී ඇන්තනීට විරුද්ධව රුපියල් මිලියන 100ක එන්තරවාසියක්
Entertainment • Published on: 2025-10-16 05:58:38
මාධවී වත්සලා ඇන්තනී යන අය විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීමකින් තමන්ට සිදුකළ අපහාසයක් පිළිබඳව රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා සංජය බණ්ඩාර මහතා විසින් ඉල්ලා තිබෙනවා.
ඔහු සිය නීතිඥවරුන් හරහා මෙම එන්තරවාසිය යවා ඇති බවයි වාර්තා වන්නේ.
2025 ඔක්තෝබර් 06 වනදා මාධවී වත්සලා ඇන්තනී විසින් සිය ෆේස්බුක් ගිණුම භාවිතා කරමින් සංජය බණ්ඩාර මහතා යනු අමාණුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු බවත් ඒ හේතුවෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුම වාර්තාකරණ (Report) කරන ලෙසත් දන්වමින් ඔහුගේ ගිණුමේ ඡායාරූපයක් සහිතව පළ කිරීමක් සිදුකර තිබුණා.
එම පදනම් විරහිත, අසත්‍ය, නොමඟ යවන සුළු සහ අපහාසාත්මක ප්‍රකාශය හේතු කොටගෙන සංජය බණ්ඩාර සහ ඔහුඑ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයට මුහුණ දුන් බවද ඔහු සිය එන්තරවාසියෙන් පෙන්වා දී තිබෙනවා.
සංජය බණ්ඩාර විසින් මාධවී ඇන්තනීට යැවූ එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වන්නේ එමඟින් ඔහුගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් දින 7ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙසත් එසේ නොමැති නම් නඩු පවරා එකී මුදල නඩු ගාස්තුද සහිතව අයකරගැනීමට කටයුතු කරන බවත්ය.