×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙයි

Local  •  Published on: 2025-10-16 06:49:08

නේපාලයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇය සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 5 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බවයි.

මේ අතර නේපාලයේ දී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැගෙන් ආ ගුවන් යානය ඊයේ (15) රාත්‍රී 6.55ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණියා.

UL 182 ශ්‍රී ලංකන් ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු නුවර සිට මෙරටට පැමිණි අතර ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූණා.

ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ මෙහෙයමකදී ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනා මෙරටට රැගෙන විත් තිබුණා.