×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සජබ සමඟ සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

Local  •  Published on: 2025-10-16 07:29:11

සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ඒජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.