×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

රන් මිල තවත් ඉහළට

Business  •  Published on: 2025-10-16 09:23:33

ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්වල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60000කින් අද (16) දින වන විට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල දත්ත පෙන්නුම් කරනවා.

මේ අනුව අද (16) දින උදෑසන කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් රුපියල් 10000කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 360800කි.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දින මිල ගණන් දැක්වුණේ රුපියල් 305300ක් ලෙසයි.

කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා දින රුපියල් 330000ක් ලෙස පැවැති "කැරට් 24" රන් පවුමක මිල අද වන විට රුපියල් 390000ක් ඉහළ ගොස් ඇති බවයි.