×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

වන අලිගෙන් වැලිකන්ද වී අලෙවි මණ්ඩලයට ප්‍රහාරයක්

Local  •  Published on: 2025-09-17 01:56:29

වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩාව වන අලි විසින් කඩා එහි වී මිටි කිහිපයක් ආහාරයට ගෙන ගබඩා දොරටුව ද විනාශ කර ඇති බව වාර්තා වනවා.

වැලිකන්ද පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු නිමල් ඒකනායක මහතා පොලීසියට පැමිණිල්ලක් යොමුකර ඇති බවයි.

මෙම ගබඩාවට මුරකරුවෙකු නොමැති බව සඳහන්.

ඊයේ (16) වනදා අලුයම මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇති බවද වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාරවරයා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වන අලි ප්‍රහාරයෙන් වී මිටි කිහිපයකට හානි සිදුව ඇති බවත් එම වන අලීන් විසින් වී මිටි දෙක තුනක් ගිල දමා ගබඩාවේ දොරටුද කඩා බිඳ ඇති බවත්ය.