×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ට්‍රම්ප් මෝදිට කතා කලේ නෑ - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය

Local  •  Published on: 2025-10-17 01:50:05

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පසුගිය 15 වනදා කිසිඳු දුරකථන සංවාදයක් සිදු නොවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, සිය සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා.

අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර පසුගිය 15 වනදා හෝ දුරකථන ඇමතුමක් සිදූ වුයේ ද යන්න සම්බන්ධව එහිදී මාධ්‍යවේදියෙකු විසින් පැනයක් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් රන්ධීර් ජයිස්වාල් කියා සිටියේ "නායකයින් දෙදෙනා අතර ඊයේ කිසිඳු සංවාදයක් ගැන මම දැනුවත් නැත" යන්නයි.

මේ අතර ඉන්දීය රජය අඛණ්ඩව ප්‍රමුඛතාව අස්ථාවර බලශක්ති තත්ත්වයන් තුළ පාරිභෝගික ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව ආරක්ෂා කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඉන්දියාවේ ඉන්ධන ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනුයේ එම අවශ්‍යතාව අරමුණු කරගනිමින් බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නතර කිරීමට පියවර ගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍ය තමා වෙත සහතික වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

රට තුළ ස්ථාවර මිල ගණන් හා සුරක්ෂිත බලශක්ති සැපයුමක් සහිත කිරීම සිය රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ අමෙරිකානු වත්මන් පරිපාලනය ඉන්දියාව සමඟ බලශක්ති සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට උනන්දුවක් දක්වා ඇති බවයි.