×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මෙරට පාස්පෝට් හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම

Local  •  Published on: 2025-10-17 10:56:11

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විසින් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන් සඳහාම සුවිශේෂී ලෙස ස්වයංක්‍රීය පාලන (ABC) ඊ ගේට්ස් හඳුන්වා දී තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ මෙම නවීන තාක්ෂණය මඟින් මඟීන්ට වඩාත් වේගවත් සහ ආරක්‍ෂිත ආගමන විගමන නිෂ්කාශන අත්දැකීම් ලබාදෙනු ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ සුහුරු සංචාරණ සහ ඩිජිටල් දේශ සීමා කළමනාකරණ කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති.

මේ අනුව මෙම නව පහසුකම භාවිතා කිරීමට සුදුසුකම් ලබන සංචාරකයින්ට පූර්ව ලියාපදිංචි වීමෙන් පහත සරල පියවර තුන අනුගමනය කරමින් බාධාවකින් තොරව ගමන් කළ හැකි වනවා.

පියවර 01 - එක් වරක් ලියාපදිංචි වීම (One-time registration)

පියවර 02 - අවශ්‍ය ජෛවමිතික දත්ත ලබා දීම (Obtain required biometrics)

පියවර 03 - ඊ-ගේට්ස් හරහා ඔබේ සුහුරු ගමන ආරම්භ කරන්න (Start your smart travel through e-gates)

මෙමගින් ආගමන කවුන්ටරවල රැඳී සිටින කාලය අවම කර, ගමන් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට හැකියාව ලැබෙනු ඇති.