රටම කතාවෙන සංශෝධනයක් ගැන ජනපති කියපු කතාව
Local • Published on: 2025-10-17 12:26:42
පොදු වැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ''රට නගන ගුරු පවුර'' යන තේමාවෙන් ලංකා ගුරුසේවා සංගමය සංවිධාන කළ ජාතික ගුරු සමුළුවට අද (17) එක්වෙමින්.
ජනතාව එම නීති ප්‍රතික්ෂේප කරන්නේ නම් එම නීති සම්පාදනයෙන් ද ඵලක් නොවන බවද ඔහු මෙහිදී පැවසුවා.
"දරුවා කෙරෙහි දෙමාපියන්ට තියෙන බලාපොරොත්තුවට අපි යුක්තිය සහ සාධාරණත්වය ඉටු කළ යුතුයි. ඒ වෙනුවෙන් විශාල අධ්‍යාපන ප්‍රතිංස්කරණ කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම යම් ආන්දෝලනයට තුඩු දීලා තිබෙනවා යම් නීතිමය ප්‍රතිසංස්කරණයන් පිළිබඳව, පනත් සංශෝධනයන් පිළිබඳව. මම ඔබට එකක් කියන්නම් පාර්ලිමේන්තුවට එහෙම පනතක් ඉදිරිපත් කරලා තියෙන එක ඇත්ත. ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ. නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙමෙයි නීති හදන්නේ පොදු පුරවැසියන් වෙනුවෙන්. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සහතික කරනවා. නීති හදන්නේ ඔබ වෙනුවෙන්, නීති හදන්නේ ජනතාව වෙනුවෙන්. නීති හදන්නේ ජනතාව වෙනුවෙන් නම්, නීතිවලට අනුගත වෙන්න ඕනේ ජනතාව නම්, ජනතාව එම නීති ප්‍රතික්ෂේප කරනවා නම් එම නීති සම්පාදනයෙන් ඵලක් නෑ. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා. අපි නීති සම්පාදනය කරන්නේ පුරවැසියන්ගේ වුවමනාවෙන් මිසක් පාලකයන්ගේ වුවමනාවෙන් නොවන බවට මම ඔබට සහතිකයක් දෙනවා."